පන්සිය පනස් ජාතක පොත් වහන්සේ
රු12,500.00 රු10,625.00
Price Summary
- රු12,500.00
- රු10,625.00
- 15%
- රු10,625.00
- Overall you save රු1,875.00 (15%) on this product
බුදුරදුන්ගේ අනන්ත ගුණ කන්දරාවත් හෙළ සාහිත්‍යයේ අපරිමිත රස කන්දරාවත් එකසේ දරාගත් සම්භාවනීය ග්රන්ථ රත්නය මෙසේ සැදැහැත් දෝතට පිදෙයි. සිතුවම් සහිතව තනි කාණ්ඩයක් ලෙස අගනා මංජුසාවක් සමගින් ප්‍රකාශයට පත්ව ඇති මෙය අති විශිෂ්ට නිමාවෙන් යුතු ය.
Related Products
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
Recently Viewed
The Reverd Book of Five Hundred & Fifty Jataka Stories Volume I – IV
සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේගේ සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත් වෙළුම් 4 කින් යුක්ත පොත් කට්ටලය මෙහි අන්තර්ගතය. සම්මානිත මහාචාර්ය රංජිනී ඔබේසේකරයන් ප්රමුඛ, පරිවර්තන කාර්ය පිළිබඳ කෘතහස්ත දැනුමකින් යුක්ත ලේඛක මඬුල්ලක් විසින් පරිවර්තනය කරන ලද මේ කෘති බෞද්ධ සාහිත්‍යය ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා මහඟු අත්වැලක් සපයයි.
This includes the 4-volume book set containing the complete English translation of the great Buddhist book of Sithuwam Sahitha Pansiya Panas Jataka Poth Vahanse written in Sinhala. This literary work done by a panel of scholars led by Emeritus Professor Ranjini Obeysekara, provide a great help in taking Buddhist literature to the international level.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – ගණිතය
5 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
මකරන්ද දඩයම
කංචනා කුමාරි දොඩංගොඩ විසින් රචිත මිනිස් හැඟීම් ඉතා සියුම්ව විනිවිද දකින හෘද සංවේදී සහෘද සිත වෙනස්ම මානයකට යොමු කරන සුවිශේෂී නවකතාවකි.
There are no reviews yet.